ආයුබෝවන් ඔක්කකොටම. ගොඩාක් දවසකින් තමා පෝස්ට් එකක් ලියන්න ආවේ.හැමෝම ලියන ඒවා කොපි කරලා ලියලා වැඩකුත් නෑනේ. බොහෝ දුරට මට එන ගැටළු තමා මම ලියන්නේ. ඒ වගේ කාලයක් තිස්සේ විශ්වාස කරගෙන හිටපු Virus Guard එකත් අවුලක් වුනා ඒ ගැන මම වෙනම ලිපියක් ලියන්නම්. කවුරැත් දන්නවා ඇති සිංහල Type කරන්න ගියාම වෙන ගැටළු ගැන. ඇත්තටම මගේ වෘත්තය හැටියට බොහෝ විට English සහ සිංහල ලිපි බොහෝමයක් Type කරන්න වෙනවා ඒ අතුරින් සිංහල ලිපි වැඩිප්‍රමාණයක් Type කරනවා. ඉතින් ලගදි Windows 8.1 දාගත්තා. ඒ එක්කම Microsoft Office 2013 දාගත්තා, ඔන්න වැඩේ අවුල් වුනා. මට විතරක් නෙවෙයි Microsoft Office 2013 දාගත්තු තව ගොඩාක් මේ ෆීල්ඩ් එකේ අය මේකට විසදුමක් හොයනවා. මොකද Unicode Font එච්චර ලස්සන නෑ. ඒක ගැන කියන්න ඕන නෑනේ. හැමදාම එකම තැන ඉන්න හොදනෑනේ. කාලෙන් කාලෙට Software Update වෙනවා වගේ අපිත් ඒ Software වලින් වැඩකරන්න පුරැදු වෙන්න ඕන.එහෙම කරද්දී තමා අපිට එන ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන්.
සිංහල Type Setting කරන තැන්වල Type කරන්න Font එකක් තමා භාවිතා කරන්නේ. බොහෝ විට විජේසේකර ක්‍රමයට හදපු Font එකක් තමයි භාවිතා කරන්නේ. Font එකකින් අපි වැඩ කරනකොට ඉස්පිලි හල්කිරීම් එහෙම ලස්සනට වැටෙන්නේ නෑ. ඒකට ඉතින් කලින් පාවිච්චි කලේ Key man කියන Software එක ඒකත් tavultesoft කියන Web Site එකෙන් සල්ලි දීලා ගන්න පුළුවන්. ඒත් මට හමුබවුනා වෙන Key man Software එකක්. මම මේක tavultesoft කියන Web Site බැළුවත් ලැබුනේ නෑ. සමහරවිට පරණ Version එකක් වෙන්න ඇති. ඒක මට ලැබුනේ මගේ යාළුවෙක්ගෙන් දැන් ගොඩාක් කල්. ඒ Software ගැන විස්තරයක් මම පහළින් දාන්නම්. ඒක සල්ලි දීලා ගන්න ඕන නෑ මම ගාව තියෙනවා Liscen Key එක තියෙනවා. ඔයාලට ඕන නම් දා ගන්න එළ කිරි වගේ වැඩ Windows XP, 7, 8,Windows 8.1 මේ ඕනම OS එකක් එක්ක, Microsoft Office 2003, 2007, 2010 Version එක්ක ගින්දර වගේ වැඩ. හැබැයි Microsoft Office 2013 එකට විතරක් වැඩ නෑ ඒකනේ මමත් අමාරැවේ වැටුනේ. දන්න වැඩ ඔක්කෝම දැම්මා. එකක් හරි ගියා Key Man 8.0 කියන එක. නමුත් ඒකත් ටිකක් වද දෙනවා.ඔහොම යනකොට තමා අපේ කොල්ලෙක්ගේ වැඩකෑල්ලක් හම්බවුනේ. මේකෙ නම් එළට වැඩ. කිසිම අවුලක් නෑ. සමහරැ දන්නවා ඇති මේක ගැන. දන්න දේට වඩා නොදන්න දේ වැඩියි කියනවා වගේ, දන්න අයට වඩා නොදන්න අය ගොඩාක් ඉන්නවා. මේක 2013 තමා ඇවිත් තියෙන්නේ නමුත් ඉතින් මේ ප්‍රශ්නේ එනකම් මම මේක ගැන දන්නේ නෑ. තවත් දෙයක් මේක හදලා තියෙන්නේ අපේ රටේ කොල්ලෙක්ගේ වැඩක් හැබයි යි ඉතින් මේක හොයා ගත්තෙත් අපේ කොල්ලෙක්ගේ බ්ලොග් එකක තිබිලා තමා. නමුත් මම ඒ බ්ලොග් එකේ නම සදහන් කරන්නේ නෑ. මොකද මෙයා මේකෙ අයිතිකාරයාට කිසිම තැනැක් දීලා තිබුනේ නෑ. තනිකර එයාගේ නිෂ්පාදනයක් වගේ. එහෙම කරන්න හොද නෑ නේද? ඒක නිසා ඒ බ්ලොග් එකේ නම මම සදහන් කරන්නේ නෑ. හරි ඒවා වැඩක් නෑ මමත් හෙව්වා මේ සහෝදරයා ගැන හොයාගන්න පුළුවන් වුනේ නම විතරයි තව Facebook Profile එකත් සොයාගත්තා මෙතනින් ඒක බලාගන්න පුළුවන්. එයාගේ නම තමයි හර්ෂ ඉදුනිල් එයා තමා මේක හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ සේවාවක් අපිට නොමිළේ ලබා දෙන අය ගැන අපි නොකිය ඉන්න හොද නෑ. එහෙමෙ වුනාම එපා වෙනවා. හරියට අපේ බ්ලොග් වලට කොමන්ට් එකක්වත් නොදා අපෙන් ගන්න තියෙන දෙයක් අරගෙන යන අය ඉන්නේ අන්න ඒ වගේ...එහෙමෙ වුනාම එපා වෙනවා නේද?
හරි වැඩේට බහිමු මුලින්ම Travelaest Key man කියන එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේක තමා අවුරැදු ගාණක් මම පාවිච්චි කරපු සිංහල Typing Software එක කියලා වැඩක් නෑ මේක නම් කිසිම අවුලක් නෑ. Microsoft Office 2003, 2007, 2010 Version / Windows XP, 7, 8, 8.1 මේ ඕනම එකකට ගින්දර වගේ වැඩ.පහළින් දාලා ඇති පින්තූරත් එක්කම.
Password - itSpider
හරි වැඩේට බහිමු මුලින්ම Travelaest Key man කියන එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේක තමා අවුරැදු ගාණක් මම පාවිච්චි කරපු සිංහල Typing Software එක කියලා වැඩක් නෑ මේක නම් කිසිම අවුලක් නෑ. Microsoft Office 2003, 2007, 2010 Version / Windows XP, 7, 8, 8.1 මේ ඕනම එකකට ගින්දර වගේ වැඩ.පහළින් දාලා ඇති පින්තූරත් එක්කම.
Type කරද්දී Software Enable/Disable කරගන්න Shortcut Key එකක් මේ විදියට Design කරගන්න පුළුවන්
දැන් අපි බලමු
Sinhala Help Software එක ගැන. ඒකත්
පිළිවෙලට පින්තූරත් එක්කම දාලා තියෙනවා පහළින්.
මෙතනදි මට
පොඩි ප්‍රශ්ණයක් ආවා ඒක විතරයි මේකෙ තියෙන්නේ වෙන නම් අවුලක් නෑ. මම සිංහල Type කරද්දී “ළු“ Type කලේ කලින් Key man Software එකේ නම් Shift + < (ළ) ඒ එක්කම “Q“ අකුර එබීමෙන්
“ළු“ Type කරගන්න පුළුවන් වුනා. මේකෙදි නම් අන්න ඒක
බෑ ඒකට පරණ ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. Alt + 0191 මම මේ කියන්නේ FM
Bindumathi කියන Font එක ගැනයි. ඔයාලා
පාවිච්චි කරන Font වර්ගය අනූව
වෙනස් වෙන්න පුළුවන්. ඒක බලා ගන්න පුළුවන් Start > Character Map එකට ගිහින් ඒක බලාගන්න
පුළුවන්. තවත් දෙයක් අපේ අයට Unicode Font එක පුළුවන් වුනාට වෙන Font එකකින් Type කරන්න බෑ. එහෙම වෙන Font එකක් භාවිතා කරනවානම්
හැමතිස්සේම විජේසේකර ක්‍රමයට අකුරැ තියෙන Font එකක් තෝර ගන්න. මොකද ඒ Font වලත් අකුරැ තියෙන්නේ Unicode
Font එකේ අකුරැ
තියෙන තැන්වලමයි. හැබැයි ඉස්පිලි, පාපිලි නැතුව හොදේ. ඔන්න ඉතින් මට මතක් වුන ඒවා
ඔක්කොම ලියුව්වා. ඔයාලටත් එන ප්‍රශ්ණ තියෙනවානම් කමන්ට් බොක්ස් එකේ ලියන්න. එහෙනම්
මම ගියා.
Password - itSpider
එළ එළ අයියා නියමෙට වැඩ මේක...
ReplyDeleteThanks!
ReplyDeleteටැංකු වේවා..!!
ReplyDeleteමචං. නියමෙටම වැඩ කරා sinhala help ඒක office 2013 ඒක්ක. ස්තූතියි. ජයම වේවා...
ReplyDeleteAne oyata pin meka upload karala tibbata.
ReplyDeleteමේ ලිපිය මම දැක්කෙ දැන්. මේ ගැන ලිපියක් ලිවීම වගේම මගෙ නම සඳහන් කිරීම ගැනත් බෙහෙවින් ස්තූතියි. "ළු" අකුර නිවැරදිව ටයිප් නොවීමේ ගැටළුව තිබුනෙ beta vertion එකේ. ඉන් පසුව ආපු සංස්කරණ වල ගැටළුව නිරාකරණය කලා. අලුත් සංස්කරණය https://sourceforge.net/projects/keyhelp/
ReplyDeleteමෙතනින් ගන්න පුළුවන්.
ෙබාෙහාම ස්තූතියි
ReplyDeleteThank you very much, nice work
ReplyDelete