සුභ දවසක් ඔබ සැම දෙනාට! තවත් වටිනා කියන  Software එකක් ගැනයි අද කියන්න හදන්නේ. කොහොමද මම මේක හදුන්වන්නේ... හොදයි මෙමෙ කිව්වොත් ඔයාගේ  Pen Drive එකේ තියෙනවා පුද්ගලික ලිපි ගොනුවක් අපි හිතමු පුද්ගලික ඡායාරෑප ටිකක් කියලා. ඉතින් ඔන්න කවුරැහරි ඔයාගේ Pen Drive එක ඉල්ලනවා. මේක දෙන්නත් ඕන නොදිත් බෑ නමුත් දුන්නොත් Photo ටික.......දැන් මොකද කරන්නේ?ඉතින් ඔන්න File එක Hide කරනවා. එහෙම Hide කලත් දැන් කවුරැත් වගේ දන්නවා Hide File බලන්න. තව කෙනෙක්ට කියන්න පුළුවන්  File එක Pc එකට Copy කරලා දුන්නම් ඉවරයිනේ කියලා. ඔව් ඒකත් හරි මේක ඊට වඩා පහසු ක්‍රමයක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. තව දෙයක් කියන්න ඕන Pen Drive එක Format කලොත් ඉතින් කරන්න දෙයක් නෑ හොදේ.කරලාම බලන්නකෝ....


            USB Drive Encrypt Software’s ගැන ඔයාලා අහලා ඇති. අහපු නැති අයත් ඇතිනේ ඒවායින් කරන්නේ Pen Drive එක ඇතුලේ ඒවායින් කරන්නේ Pen Drive එක ඇතුලේ Encrypt Partition එකක් හදලා ඒකට Password එකක් ලබාදී දත්ත ආරක්ෂාකිරීමයි. නමුත් බොහෝමයක් මෙවැනි Software මෙම පහසුකම ලබාදෙන්න Administrator Privilege අයිතිය ඉල්ලනවා. මෙහි අවාසිය වන්නේ මෙය තමන්ගේ Computer එකේදී කරන්න පුළුවන් වුනත්, වෙන Computer එකකදී Administrator Privilege අයිතිය අපට ලබාදිය නොහැකි වෙන්න පුළුවන්, මොකද ඒ Computer එකේ අපිට ලබාදී තිබෙන්නේ Guest Account එකක් වෙන්න පුළුවන්. එහිදී අපි අපහසුතාවයට පත්වෙනවා. නමුත් Rohos Mini Drive කියන Software එකෙන් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. මේකට ලොකූ සංකීර්ණ දෙයක් කරන්න නෑ. මේ ලිපිය ලියන මහන්සියවත් මේ වැඩේට යන්නේ නෑ. මෙතනින් Download කරගන්න. මෙතනින් කොහොමද කරන්නේ කියලා නිළ වෙබ් අඩවියෙන් බලන්න හැබයි කඩ්ඩෙන් තියෙන්නේ හොදේ. කඩ්ඩ දන්නේ නැති අයට සිංහල කඩ්ඩෙන් පහළින් දාලා තියෙනවා.එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා.තව දෙයක් මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ හොදේ.....















          මෙතනින් පුළුවන් USB එක ඇතුලේ හැදෙන Encrypt Drive Partition එකේ MB ප්‍රමාණය අඩුවැඩි කරගන්න.



 ඔන්න ඔච්චරයි. එහෙම කියලා ෂේප් වෙන්නේ නෑ. වෙන Computer එකකටත් USB එක ගහලා පෙන්නන්නම්කෝ. 








එහෙනම් කැපුනා.... පුළුවන්නම් මොනවා හරි ලියලා යන්න.







3 comments:

 
it Spider © 2013. All Rights Reserved. Powered by Blogger
Top