බොලිවුඩයේ මෙතෙක් නිර්මාණය කරන ලද දැවැන්තම සිනමා නිර්මාණය නිපදවන්න ඉන්දීය රැපියල් කෝටි එකසිය පනහක් (150) ඒ කියන්නේ ලංකාවේ මුදලින් බලනවනම් මේ ගාන දෙකෙන් වැඩිවෙන්න ඕන හිතාගන්න පුළුවන් නේද? එච්චර වියදම් දරලා තියෙන්නේ මේ චිත්‍රපටියේ බොහෝමයක් රූගත කිරීම් කරලා තියෙන්නේ ඉන්දියාවෙන් පිට විශේෂයෙන් ඇමරිකාවේ චිකාගෝ වල. මේ වියදමට මෙහි ප්‍රධාන නළුවා (Aamir khan) ගේ ගෙවීම ඇතුලත් නැහැ. ඔහුගේ අයකිරීම චිත්‍රපටියේ ලාභයෙන් ප්‍රතිශතයක් කියලයි ආරංචි. ප්‍රතිශතය කීයද කියලා  ප්‍රසිද්ධ කරලා නැහැ. 2013/12/20 දින ඉන්දියාව ඇතුළු රටවල් කීපයක ප්‍රදර්ශණය ආරම්භ කල මෙම චිත්‍රපටියේ එකවර පිටපත් 4500 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයයෙන්  ලංකාවේ චිත්‍රපටියක එකවර පිටපත් 50 -100 අතර තමයි නිකුත් කරන්නේ. දැන් තේරෙනවා නේද? මෙහි දැවැන්ත කම.

            DHOOM ලේබලයෙන් චිත්‍රපටි Bollywood වල හදන්න පටන් ගත්තේ Yashraj කියන ප්‍රසිද්ධ සහ දැවැන්ත නිෂ්පාදන සමාගමයි. එම ආයතනය වෙනුවෙන් Adithya Chopra නිෂ්පාදනය කල මෙහි පළමු නිර්මාණය 2004 වර්ෂයේ නිර්මාණය වූ අතර, එහි John Abraham, Abhishek Bachchan, Udaya Chopra ඇතුළු පිරිසක් රංගනයෙන් එකතු වුනා. දෙවන කොටසේ Hirthik Roshan, Ashiwarya Rai, Bhipasha Basu සහ මුල් කොටසේ පිරිස රංගනයෙන් දායක වුනා.

            මෙම චිත්‍රපට මාළාවේ පොදු  සාධකය වන්නේ දුෂ්ඨයාගේ චරිතය කථා නායකයා වීමයි. මුල් කොටස් දෙකේ වගේම මෙහිද එම සාධකය එලෙසම පවත්වා ගැනීමට නිර්මාණකරැවන් ක්‍රියාකර තිබෙනවා. මෙම කරැණට අමතරව මෙහි තවත් පොදු සාධක කීපයක්ම තියෙනවා, ඒවා නම්,  චිත්‍රපටි රචකයා (Vijey Krishna Acharya), සංගීත නිර්මාණය (Pritam) ප්‍රධාන චරිත 02 ක් වන පොලිස් පරීක්ෂකයා (Abhishek Bachchan) හා ඔහුගේ සහයක (Udaya Chopra) යන කරැණුය.

            මෙම කරැණුත් සමග ත්‍රාසය, විචිත්‍ර ගීත හා කාථාව පුරා දිවෙන කුතුහලය ඇතුලත් අපි කථා කරන DHOOM 3 චිත්‍රපටිය තවත් සුවිශේෂ වන්නේ එහි ප්‍රධාන චරිතයට පණ පොවන Aamir khan සහ Bollywood සරාගිනිය වන Katrina Kaif ගේ රංගනයයි.

     ඉන්දියානු සිනමාවේ දැනට බිහිකර ඇති සියළුම ආදායම් වාර්තා බිද දමමින් එනම් මුල් දි 03 තුල ඉන්දියන් රැපියල් කෝටි 100 ඉක්මවා පළමු දින 08 (සතිය තුල) රැපියල් කෝටි 300 ක වාර්තාවක් කඩමින් තිරගතවූ මෙය සම්පූර්ණ තිරගතවන කාලය අවසන් වන විට (දින 20 ක් පමණ) ඉන්දියන් රැපියල් කෝටි 450 - 470 අතර ආදායමක් නිෂ්පාදන සමාගම විසින් අපේක්ෂා කර ඇත.

              මේ ලිපිය කොහෙන්වත් කොපි නොකර මගේ මිත්‍ර නන්දන හෙට්ටිආරච්චි සහෝදරයාගේම අදහස් තමා මම මේ ලොක්කා වගේ ලියලා දැම්මේ. යටින් දානවා Trailer එක බලලාම ඉන්නකෝ.



      තවත් කියනවානම් මේකේ DVD Copy එකක් තාම අවුට් වෙලා නෑ තියෙන් DvDScr කොපි තමා. මේ ගැන www.baiscopelk.com අඩවියේ සිංහල උපසිරැසි සමගම දාලා තියෙනවා නමුත් එකේ තියෙන කොපියට වඩා මේක නම් ගොඩාක් හොදයි. නමුත් ඉතින් අපේ කොල්ලොන්ගේ මහන්සිය අපරාදෙනෙ. ඒකම ගන්න. මම මේ ලිපිය ලියන්නේ නෑ කලින් ඒක දැක්කනම්. මේ කොපිය නම් උපසිරසි නෑ හොදේ. imdb මේකෙත් 6.2 ක් අරන් තියෙනවා 



කමන්ට් එකක් කැමති නම් දාන්න. බොහොම ස්තූතියි!

0 comments:

Post a Comment

 
it Spider © 2013. All Rights Reserved. Powered by Blogger
Top