ඔන්න යාළුවනේ
අපේ යාළුවෝ ගොඩාක් දෙනෙක්ට උවමනා වන Software
එකක් ගැනයි (විශේෂයෙන් අපේ සබ්ටයිටල් හදන අයියලාට,
මල්ලිලාට) අද ලියන්නයි හදන්නේ. සමහරක් විට ඔයාලා මේ ගැන දන්නවා ඇති. මේ ගැන
කියනවානම් මේක අපේ කොල්ලෙක්ගේ ගින්දර වැඩක්. මෙතනදි අපි මධුර සහෝදරයාව අමතක කරන්න
හොද නෑ.නෙවෙයි බෑ. ලංකාවේ පළමු සිංහල Dictionary එක හැදුවේ මේ සහෝදරයා
තමයි. මතක ඇති කාලෙක ඉදන් පාවිච්චි කරපු ඉතාමත් සාර්ථක Dictionary එකක්. ඒ ගැන මම
අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඉතින් මේ වගේ කොල්ලෝ ලංකාවේ හරි අඩුවෙන් බිහිවෙන්නේ.
මධුර සහෝදරයාගේ Dictionary එක නැවතුනාට පස්සේ තව
ඒවා ආවා. නමුත් භාවිතයට ලේසීම Dictionary එක විදියට මම දකින්නේ
මධුර Dictionary එක. ඉතින් ඊට පස්සේ මේ නාමල් සහෝදරයා සිංහල, English, සින්ග්ලිෂ් කියන මේ 03
නටම හරියන Dictionary එකක් හදලා තියෙනවා. Namal Dictionary - 2014 ඕක තමා මේකේ නම.
මේ නාමල් සහෝදරයාගේ වැඩේට “ස්වභිමාණී“ සම්මානයද පිරිනැමුවා.
ලාංකාවේ Sex word එක Search කරලා එක කියන්නනම් ඕන
තරම් ලංකාවේ මාධ්‍ය ආයතන ඉදිරිපත් වුනා, නමුත් මේ වගේ ආදර්ශවත් දෙයක් රටට හෙළිකරන්න
ඒ ගැන ජනතාව දැනුවත් කරන්න, අගය කරන්න කාටවත් මතකත් නෑ ඕනෙත් නෑ. ඒවා වැඩැක් නෑ
අපිට පුළුවන් විදියට අපි අපේ අයව දැනුවත් කරමු. මේ Software එක ගොඩාත් දියුණු තත්වයේ
තියෙන Software එකක්. මේ Software එකේ ගොඩාක් පහසුකම්
ඇතුලත් වෙලා තියෙනවා. ඒවා මම පහළින් දාන්නම්.
- Subtitle Translator for KMPlayer
- Top 10 Words of The Day
- Web Browser & PDF Readers Support
- Optical Character Recognize - OCR
- Learning Tools
- Learning Games
- English, Sinhala & Singlish Typing
- English Meaning or Sinhala Meaning
- History & Favorite
- Easy Search in Web
- Speech
- Auto Search
- Various Searching Options
- Singlish Keyboard for Windows
- Basic of The En Dictionary
- Useful Settings for Customize
ඔය තියෙන features
ඔක්කොම ගැන එකින් එක බොරැවට මහන්සි වෙලා Copy කරලා ලියලා වැඩක් නෑ. නාමල් සහෝදරයා මේ ගැන අපිට
තේරෙන විදියට සිංහලෙන්ම ඒ ගැන පූර්ණ සටහනක් රෑප සටහන් එක්කම සදහන් කරලා තියෙනවා.
මෙන්න මේ විදියට Help එක Click
කලාම මෙන්න මේ වගේ ඔයාලගේ Web Browser එක හරහා Open වෙනවා. මෙන්න මේ විදියට
මේකට Internet
Connection ඕන වෙන්නේ නෑ මේක Software එකත් එක්කම Install වෙනවා. මම
දැක්කා එක Blog එකක මේ ඔක්කොම එකින් එකට Picture එක්ක දාලා එයා සෑහෙන්න මහන්සිවෙලා Copy කරලා දාලා තියෙනවා. ඇත්තටම මමත් ඉස්සෙල්ලාම මේක දැක්කේ
එතනින්. Comment ටික බලාගෙන යනකොට Software එකේ Real අයිතිකාරයා (නාමල්) Comment එකක් දාලා තියෙනවා තියෙනවා දැක්කා. ඉතින් කවදත්
කියන්න වගේ Copy කිරීම අපිට නවත්වන්න බෑ.
නමුත් ඉතින් Copy කරන දේ ගැන Copy කරපු තැන ගැන අදහසක් දැම්මනම් හිතටත් මාර නිදහසක් තියෙන්නේ.
නැත්නම් ඉතින් කාටහරි Check වුනොත් චාටර් Comments වලින් අහගන්න පුළුවන්. ඒ ගැන ඔබගේ අදහස් දක්වන්න
පහළින්. එහෙනම් ඔබ හැමටම සුභ දවසක්!
මෙතනින් බාගන්න
Grade published. We thanks you.😊
ReplyDeletethat is great software,,,,,,,,,,,,,,,,,,
ReplyDeletethanx,,,,,,,,,,,,
This comment has been removed by the author.
ReplyDelete