මිනිස්සු මහන්සියෙන් මුදල් උපයාගෙන කරගෙන ජිවත් වෙනවා. එසේ ජිවත් වෙන මිනිස්සු අතරේ අන්‍යයන්ට කල නොහැකි දේ කරන්නට හැකියාවඇති මිනිස්සුත් ඉන්නවා. මේ පිරිස Film ඇතුළට Super Heroes නමින් ආවට, යථාර්තයේදීත් මුණ ගැහෙන Super Heroes ලා මේ ලෝකේ ඉන්නවා. Spider Man වගේ බිල්ඩින් උඩින් දැල් දාගෙන පැන්නේ නැතුවට, ඒ පිරිස මේ ජීවිතයේදී හැබෑවට කරන දේ Film වල Super Heroes ලට හිතන්නවත් බැහැ. මෙහි සදහන් වන්නේ ලෝකයේ සිටින වඩා සුවිශේෂී හැකියාවන් ඇති අතළොස්සක් පමණකි.
එසේම මෙම පුද්ගලියින්ගේ හැකියාවන් අත්හදා බලන්නට උත්සාහ
නොකරන ලෙස විශේෂ ඉල්ලීමක්ද සිදුකල යුතුයි.
Man with Photographic
Memory
Stephen Wiltshire හටද වෙනස් හැකියාවක් ඇත.
වරක් ඔහු නගරයක් දෙස නෙත් යොමාගෙන සිට පසුව මතකයෙන් සම්පූර්ණ නගර සැළසුම චිත්‍රයට
නගන්නට සමත් විය. එහි නගරයේ වූ සෑම ගොඩනැගිල්ලක්ම අන්තර්ගත විය. ඒවා තීබූ තැන්වලම
නිවැරදි ප්‍රමාණ අනුපාතයට ඇද තිබීමද සුවිශේෂය.
Mister Eat it All
උවමනා ඕනෑම දෙයක් ආහාරයට ගැනීමේ හැකියාව Michael Lotito ව වීරයෙකු බවට පත්
කරයි. එයට හේතුව වන්නේ ඔහුගේ සිරැරේ ජීර්ණය වීමට අදාල අම්ල ඉතා බලගතු වීමයි. 2007
දී මිය යන විට බයිසිකල්, වීදුරැ, රබර්, රෑපවාහිනී යන්ත්‍ර වැනි දෑ ආහාරයට ගෙන ඇති Michael, ගුවන් යානයක් ආහාරයට ගැනීමෙන් ගිනස් වාර්තාවක්ද
තබා ඇත. වසර දෙකක් තිස්සේ කොටසින් කොටස කපමින් තෙල් සහ වතුර සමග ගිල දමා ඇති ඔහු
මෙම වාර්තාව තබා ඇත.
Item Count
Bicycle 18
Shopping Cart 15
Television 07
Chandelier 06
Bed 02
Skis(pair) 01
Cessna Aircraft 01
Coffin 01
A Steel Chain 400
meters
X-Ray Girl
වයස අවුරැදු 10 දි Natasha
Demkina තම මවගේ
සිරැරේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් ඇති ස්ථාන නිවැරදිව පැවසිමට සමත්ව ඇත. එසේම ඇගේ නිවසට
එන නොයෙකුත් මිනිසුන්ගේ සිරැරේ ඇති දෑ කුෂ්ඨ, විෂගෙඩි, පිළිකා සම්බන්ධව පැවසිමට
සමත්ව ඇත. මෙම අසාමාන්‍ය හැකියාව සම්බන්ධයෙන් පරික්ෂා කිරිමට රෝහලකට ගෙන ගිය කල,
ඇයව පරික්ෂා කළ දොස්තරවරයාගේ සිරැරෙ බොහෝ කලකට පෙර තිබු කැලැල් සම්බන්ධයෙන් පැවසිමටද
ඇය සමත්ව ඇත. ඒ එහි සිටි අන් කිසිවෙකුට දැක ගත නොහැකිවු කැළැල් වීමද සුවිශේෂය.
Battery Man
Slavisa
Pajkic යනු මේ වනවිට
ලෝක වාර්තා කීපයක්ම තැබූ පුද්ගලයෙකි. පළමුවෙන්ම ඔහු තම හැකියාවන් හදුනාගන්නේ
අත්වැරදීමකින් අත තබන විදුලි වැටකින් ඔහුට විදුලිය ශරීරගත වනු නොදැනන නිසාවෙනි.
එයින් පසු ඔහුට තම දෑත මත සොසේජස් පිසින්නට හැකිවූ අතර, වෝල්ට් 20,000 ක බලයක්
හානියක් නොවී සිරැරට ඇතුළු කරගැනීමේ හැකියාව තිබිනි. එසේම ඔහුට වතුර කෝප්පයක්
මිනිත්තු දෙකක් තුල සෙල්සියක් අංශක 97 කට රත්කිරීමේ හැකියාව තිබින.
Aqua man
Kiwi Dave
Mullins වැඩිම කාලයක්
දිය යට කිමිදී සිටි සහ වැඩිම දුරක් දිය යටින් තරණය කළ පුද්ගලයා ලෙස ගිනස්
වාර්තාවක් තබා සිටියි. ඒ වෙනුවෙන් ඔහු හුස්ම නොගෙන මිනිත්තු 4 යි තත්පර 2 ක කාලයක්
දිය යට සිටි අතර, මීටර් 244 ක දුරක් දිය යටින් තරණය කලේය.
Cold –
Proof Man
Wim Hot සතුව සුවිශේෂි හැකියාව
වන්නේ ඔහුට සීතල දරා ගැනීමට හැකිවීමයි. එය ඔහු ඔප්පු කර පෙන්වීමට අයිස් කැටි ගැසී
ඇති ංල ස්ථරවල පිහිනා තිබෙන අතර, අයිස් යට වැළලී සිටීමෙන්ද එය ඔප්පුකර ඇත. කොට
කලිසමක් පමණක් හැද ඔහු එවරස්ට් කන්දද තරණය කර ඇත. මෙම පුදුම සහගත කටයුත්තෙන් පසු
සමීක්ෂණකරැවන් පිරිසක් ඔහු පිළිබද පර්යේෂණ කටයුතු කර ඇති අතර, එහිදී ඔහුට මානසික
පාලනය සහ භාවනාව හරහා සිය ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කිරීමට හැකියාව ඇති බව
සොයාගෙන ඇත.
Rain Man
Kim Peek සැලකෙනුයේ රෑප සංඥාමය
මතකයට දැක්විය හැකි හොදම උදාහරණය ලෙසිනි. 2009 දී ඔහු මිය යනවිට සම්පූර්ණ පොත්
12,000 ක් පිළිබදව නිවැරදි, පැහැදිලි මතකයකින් යුක්ත විය. එසේම ඔහුට පොතක පිටු
දෙකක් එකවර කියවීමේ හැකියාව ඇති අතර, එහිදී ඔහු එක් පිටුවකට එක් ඇසක් පමණක්
යොමුකරයි. ඔහුට ඔහුගේ මතකයෙන් 98% ක් එකවර පරිපූර්ණ ලෙස නැවත සිහිපත් කිරීමේ
හැකියාව ඇත. ඔහු පවසන පරිදි ඔහු මේ වෙනුවෙන් පෙළභඹී ඇත්තේ “Rain Man” චිත්‍රපටය හරහා වන
අතර, තමා සූදු ක්‍රීඩාවෙහි නියැළීම සාධාරණ නොවන බවද හෙතෙම පවසා ඇත.
The
Incredible Insomniac
ලෝකයේ නින්ද නොයන
මිනුසුන් ඕනෑ තරම් සිටිය හැකියි. නමුත් නින්ද නොයන්නන්ගේ සංගමයක් පිහිටවූයේ නම්
එහි සභාපති වීමට වඩාත් සුදුසුස්සා NGOC Thai ය. ඔහුට 1973 වසරේ වැලදුනු හිසරදයක් හේතුවෙන් නිදි
නොඑළඹුණු අතර, එතැන් පටන් 2006 වසරේදී තමාට වතුර නැති පැළයක වැනි හැගීමක් ඇතිවුනු
බව ඔහු පවසා ඇත. නිදි පෙති කොතෙක් ලබාගත්තද මොහුට නිදිමත නොඑළඹී තිබීම තවත් පුදුම
සහගතය.
Go සගරාව ඇසුරිනි.
තවත් එවැනි පුද්ගලයින් ගැන
0 comments:
Post a Comment