මෑතකාලයේ බොහෝ දෙනෙකුට
වැඩිපුරම වද දෙන ගැටළුව කුමක්දැයි ඇසුවොත් එයට ඔබෙන් පිළිතුර ගැට්‍රයිටීස් (Gastritiss) විය
හැකිය. ගැහැණු -පිරිමි භේදයක් නොමැතිව වැළදෙන මේ රෝගයට පවතින එකම හේතුව නිසිවේලාවට
ආහාර නොගැනීම යැයි ඔබ සිතන්නට ඇති.නමුත් මෙම රෝගය ඇතිවීමට බැක්ටීරියාවක්ද හේතුවිය
හැකි බව අළුත්ම ආරංචියයි.
ගැස්ට්‍රයිටීස් (Gastritis) නිසා
දැනෙන වේදනාව
බොහෝ දෙනෙකු සිතන්නේ උදරයේ ඇතිවන දැවිල්ල පමණක් මෙහි රෝග
ලක්ෂණ ලෙසයි. නමුත් මෙම රෝගයේදී ඇතැමෙකුට හිසරදය, වමනය, බඩේ දැවිල්ල මෙන්ම පපුව
හිරවීම රෝග ලක්ෂණ ලෙස පැවතීමට ඉඩ තිබේ.

ආමාශයට යන නාලයේ මෙසේ ඇතිවන ඉදිමීමක්, නැත්නම් ග්‍රහණියේ
ඇතිවන ඉදිමීමක්ද ආමාශයේ ඇතිවෙන මෙම රෝගයේ ලක්ෂණ ලෙස ඇතිවිය හැකිය. ඇතැම්විට ආමාශයේ
ඇතිවන අම්ල තත්වය ගලනාලය තෙක් ගලා ආ විට උගුරේ යමක් සිරවී ඇති ආකාරයක් දැනේනට
පුළුවවන.
ගැස්ට්‍රයිටීස් (Gastritis) ඇතිවන්නට
හේතුව
ගැස්ට්‍රයිටීස් (Gastritis) රෝගය ඇතිවන්නේ ආමාශයේ අම්ල වැඩිවී එයින්
ආමාශය අතුළත සිවිය ප්‍රදාහයට ලක්වීම නිසා යැයි මතයක් පවතී. නමුත් පාරිසරක එවා ජෛව
විද්‍යාත්මක කාරණා සමග පසුගිය දශක කීපය තුල සොයාගෙන ඇත්තේ මෙම රෝගය ඇතිවීමට හේතුව
හෙලිකොබැක්ටර් ෆයිලෝරියල් (helicobacter pylori) නම් බැක්ටීරියාව (Bacteria) මෙම රෝගයට හේතුවන බවයි.
ගැස්ට්‍රයිටීස් (Gastritis) ප්‍රතිකාරවලදී
ප්‍රතිජීවක ඖෂධ කුමටද?
ඇතැම්විට වෛද්‍යවරැ වැඩිපුර පරීක්ෂණ
සිදුකරන්නට ප්‍රථමවද මෙසේ ප්‍රතිජීවක ඖෂධ (Antibiotic substance) නිර්දේශ කරන්නට ඉඩ තිබේ. තනිකරම
බැක්ටීරියාව මගින් මේ රෝගය ඇතිකිරීම නොකලත් එම බැක්ටීරියාවද බහුල ලෙසින් මෙයට
බලපාන ප්‍රතිජීවක ඖෂධ (Antibiotic substance) ලබාදෙයි. රෝගියාගේ පරිසර තත්වයද මෙම රෝගය ඇතිවීමට බලපෑ හැකියි.
කැල්සියම් (Calcium) වැඩිවීම හා ගැස්ට්‍රයිටීස් (Gastritis) අතර සම්බන්ධයක් තිබේද?
කැල්සියම් වැඩි අයට ග්‍රැස්ටික්
අල්සර්ස් (Gastritis ulcer) ඇතිවීමේ හැකියාවක් පවතී. ජෛව විද්‍යාත්මක වශයෙන් කාන්තාවන්ට වඩා
පිරිමින්ට මේ රෝගය ඇතිවීමේ හැකියාව වැඩිය. උදාහරණයක් වශයෙන් වැඩිපුර මානසික ආතතියට (Mental tension) ලක්වන්නේ පිරිමින්ය. ජෛව විද්‍යාත්මක වශයෙන් විග්‍රහ කළද කාන්තාවකගේ සිරැරේ පවතින
හෝමෝන ආතතිය තරමක් අඩුකිරීම ක්‍රියාකරයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් (Estrogen and Progesterone) කාන්තාවන්ට
වැඩිපුර තිබේ. මේවායින් සෘජුව මෙන්ම වක්‍රවද කාන්තාවන්ගේ ආතතිය අඩුකරවයි. නමුත්
පිරිමින්ට මෙවන් සහයක් හෝමෝන (Hormone) ක්‍රියාවලිය හරහා නොලැබෙයි.
මත්පැන්
හා දුම්බීම ගැස්ට්‍රයිටීස් (Gastritis) වලට හේතුවක්ද?
අනිවාර්යෙන්ම මත්පැන් හා දුම් පානය
කිරීම මේ ගැටළුට සෘජුවම බලපානු ලබයි. කුමන වර්ගයේ දුම්වැටි හෝ මත්පැන් පානය කළත්
ඒවා ග්‍රැස්ටික් අල්සර්ස් (Gastritis ulcer) සහ ගැස්ට්‍රයිටීස් (Gastritis) යන තත්ව දෙකෙහිදීම ප්‍රධාන සාධක වෙයි.
නිසි පරිදි නියමිත වේලාවලදී ආහාර
ගැනීම සිදුකරන එමෙන්ම නැවැරදි ආහාර පුරැදු වලින් ඈත්වූ අයට මෙම ලක්ෂණ මතුවීම දැකිය
හැකිය.
ඖෂධයක්
භාවිතයෙන් පසු ඇතිවන අතුරැඵල හදුනාගන්නේ මෙහෙමයි.
ඔබ ඖෂධයක් භාවිත කළ විට බලාපොරොත්තු
වූ ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇතිවන්නේනම් අප එය අතුරැඵලයක් වශයෙන්
හදුන්වමු.
සෞඛ්‍ය තත්වයේ අයහපත් වෙනසක් අධික
විඩාපත්බව මළබද්ධය (Constipation) ,බඩ බුරැලට යෑම කෑම අරැචිය ඔක්කාරය සහ වමනය හිසරදය සිහිකල්පනාව
වෙනස්වීම පාලනයෙන් තොරව මුත්‍රා හෝ මළපහ පිවීම, ශරීරය දුර්වල වීම, මත් ගතිය, අධික
නිදිමත හෝ නින්ද නොයාම, කලබලකාරී බව, කැරකිල්ල, ක්ලාන්ත ගතිය, හමේ පළු, කුෂ්ඨ, ලප
ඇතිවීම.
උපදෙස්- දකුණු
කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අනිල් අඹවත්ත.
උපුටා ගැනීම - GO මාසික සගරාව ඇසුරින්
it spider ,
ReplyDeletedear that is good job,,,,,,,,,,,,,,,,,,,,,,
nice...................